මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා කියා සිටියේ අදාළ වාර්තාව ලැබී ඇති බවත්, එහි කරුණු කිසිවක් හෙළික කළ නොහැකි බවත්ය.
මීළඟ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමට අදාළ වාර්තාව තමා විසින් ඉදිරිපත් කරණ බවද සමරසිංහ මහතා කීය.
කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත ලැබී ඇති තොරතුරු අනුව නිසි ක්‍රමවේදයකින් තොරව වැටුප් වර්ධක දහයක් ලබාගෙන ඇති බව එම වාර්තාව මගින් තහවුරු කර ඇති බව පැවසේ.
අධ්යක්ෂ ජෙනරාල් තනතුරට පත්වන අවස්ථාවේ රුපියල් 93,020/- ක මූලික වැටුපක් ඔහුට නියම කර ඇත.
පසුව ඔහු එකවර වැටුප් වර්ධක දහයක් ලබා ගනිමින් සිය මූලික වැටුප රුපියල් 120,020/- දක්වා වැඩි කරගෙන ඇත.
මෙසේ සිය මූලික වැටුප ඉහළ දමා ගෙන ඔහු හිඟ වැටුප් ලෙස රුපියල් 414,900/-ක් ලබාගෙන ඇති බව විගණන පරීක්ෂණ වාර්තාව මගින් හෙළිකර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් සංස්ථාවේ සභාපතිවරයා වෙත වාර්තාව යවමින් ඊට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දින 14ක් ඇතුළත ජාතික විගණන කාර්යාලය ට දැනුම් දෙන ලෙස දන්වා යවා ඇති බවද අප වෙත වාර්තා වේ.
අදාළ වාර්තාවේ පිටපතක් අවශ්‍ය කටයුතු සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙ ලේකම්වරයා වෙත ද යොමු කොට ඇතැයි වාර්තා වේ.
මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකතුව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා මුණ ගැසී ඇති බව වාර්තා වේ.
සබැඳි පුවත්
මහින්ද ගෙනා චන්ද්‍රපාලව SLBC සේවකයෝ එළවාදමයි! (ඡායා)
SLBC චන්ද්‍රපාලගේ ෆෝන් 8ක් හඩ්සන්ගේ අත්අඩංගුවේ!