May 28, 2022

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින්ගේ රැකියා වැට උඩ

මෙරට ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත සේවකයින් 75%කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ පළමු සභාපති එම්.ඩී.පෝල් මහතා පෙන්වා දෙන්නේ, සිමෙන්ති සහ ඉදිකිරීම් සඳහා අවශ්‍ය යකඩ , අමුද්‍රව්‍ය මිල ඉතාමත් අධික ලෙස ඉහළ යාමත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයම අර්බුධයට ගොස් ඇති ඇති අතර මේ වනවිටත් බොහෝ ඉදිකිරීම් අතර නවතා දමා ඇති බවයි.

මේ හේතුවෙන් එම ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රමාණයක් අහිමි වී ඇත. මහා පරිමානයෙන් සහ සුළු වශයෙන් එම කටයුතු වල නිරත වුණු පුද්ගලයින් හට මෙලෙස රැකියා අහිමි වී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top