ඒ අනුව, ගාලු මුවෙදාර විරෝධතාව නියෝජනය කරන තරුණ පිරිස්වල නියෝජිතයන් සෙසු විරෝධතා පැවැත්වෙන ස්ථාන වෙත ගොස් ඔවුන් සමග සාකච්ඡා කිරීම දැනටමත් ආරම්භ කොට ඇත.
ගාලු මුවෙදාර විරෝධතාවට අදට (මැයි 28) දින 50ක් සපිරුණු අතර ආණ්ඩුවේ ක්රියාකාරකම්වලට එරෙහිව විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරන කණ්ඩායම්වල පුළුල් විරෝධතා රැසක් ඒ වෙනුවෙන් දවස පුරා පැවැත්විණි.
දිවයින පුරා දියත් වන විරෝධතාවන්ට එල්ලවන රාජ්ය හා දේශපාලන පක්ෂවල බලපෑම්වලින් මිදී ඒවායේ මහජන බලය තවදුරට ත් වර්ධනය කර ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව ගාලුමුවෙදාර විරෝධතාකරුවෝ පවසති.