ඒ අනුව රටට ඇතුළුවීම සඳහා මේ වනවිට අවසර ලබා දී ඇත්තේ, රටවල් 98ක සංචාරකයින්ට පමණි.
එනම් කොරෝනා වසංගතය හේතුවෙන් මීට වසර දෙකකට පෙර ජපානය සංචාරකයින් සඳහා දේශ සීමා වසා දැමූ අතර එම ක්‍රමයෙන් ලිහිල් කිරීමේ පියවරක් ලෙස සංචාරකයින්ට යළි රටට ඇතුළුවීම සඳහා අවසර ලබා දී තිබේ.
කෙසේ වෙතත් පනවන ලද ඇතැම් රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වන බව ද දැනුම් දී ඇති අතර ඒ යටතේ සංචාරක කණ්ඩායමක් වශයෙන් රටට ඇතුළුවීමේ රෙගුලාසිය තවදුරටත් බලාත්මක වෙයි.
එමෙන්ම ජපානය විදේශීය පදිංචිකරුවන්ට හා ව්‍යාපාරික සංචාරකයින්ට දැනටමත් සංචාරක සීමා ලිහිල් කර ඇති අතර ජූනි 01වැනිදා සිට දෛනික විදෙස් පැමිණිම් සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ නංවා තිබේ.