මේ පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බවට වාර්තා වෙයි.
පසුගියදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවය වියදම් පාලනය කිරීමේ අයුරින් නිකුත් කරන ලද චක්‍ර ලේඛනයේ සඳහන් රාජ්‍ය මුදල් අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි.
එම නිසා ඊට අදාලව විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම සඳහා වන අයදුම්පත් නැවත දැනුම් දෙන තෙක් ඉදිරිපත් නොකරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාල සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දන්වා ඇත.
එමෙන්ම ඉදිරියේදී රාජ්‍ය සේවයේ පුරප්පාඩු තනතුරු වල වැඩ බැලීම් හෝ රාජකාරි ඉටුකිරීම පත් කිරීම සඳහා සෑම අවස්ථාවකදීම දැනට සේවයේ නියුතු නිලධාරීන් හරහා ආවරණය කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ද දැනුම් දී තිබේ.