May 28, 2022

අටුලුගම දැරියගේ සිරුර වෙල්යායකින් සොයාගනියි Featured

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු  මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

බණ්ඩාරගම අටුළුගම මහ පල්ලිය ඉදිරිපිට පදිංචිව සිටී අටුළුගම අල්ගස්සාලි විදුහලේ 4 වසරේ ඉගෙනුම ලබන ෆාතිමා ආයිෂා නමැති නව හැවිරිදි දැරියගේ සිරුර මෙසේ සොයාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

නිවසට මීටර් 200 ක පමණ දුරකින් පිහිටි වෙළද සැලකට පෙරේදා (27) පෙරවරු 10.15 ට පමණ කුකුල්මස් රැගෙන ඒමට ගොස් සිටියදී දැරිය අතුරුදහන් වී තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top