May 28, 2022

දැරියගේ ඝාතනයට පියාව දීර්ඝව ප්‍රශ්න කරයි! Featured

බණ්ඩාරගම අටුලුගම පාතිමා අයේෂා නමැති නව හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දැරිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබුණේ, CCTV කැමරා ක්‍රියාත්මක නොවන නිවසට ආසන්න මීටර් 150ක ප්‍රදේශයකදී දැරියට යම් සිදුවීමකට මුහුණදීමට සිදුවී තිබෙන බවය.

අදාළ දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට අමතරව පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ බුද්ධි නිලධාරින්ද ඒකාබද්ධව පරීක්ෂණ පවත්වන බව පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පාණදුර ප්‍රදේශයේ පදිංචිව සිටින දැරියගේ සමීප ඥාතියකු සම්බන්ධව ද සොයා බලන බව ද පොලිසිය කියයි

දැරිය පිටකොටුව ප්‍රධාන බස් නැවතුම් පොළේ කාන්තාවක් සමග සිටින බවට මුහුණු පොතේ පළ කළ දැන්වීමක් අනුව ලද තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස කොළඹ ප්‍රදේශයේ පොලිසිවලට පොලිස් පණිවුඩ නිකුත් කර ඇතැයි ද පැවසේ.

දැරිය අතුරුදන් වීමට පෙර දින රාත්‍රියේ හැඳ සිටි රාත්‍රි ඇඳුම හොරණ පොලිස් නිල සුනඛ "ඩෘනෝ" සුනඛයාට ඉව කිරීමට සැලසීමෙන් අනතුරුව පොලිස් නිල සුනඛයා දැරිය කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගිය බව කියන වෙළඳසැල අසලට ගොස් නැවතුන බව පොලිසිය කියයි.

සබැඳි පුවත්
අටුලුගම දැරියගේ සිරුර වෙල්යායකින් සොයාගනියි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top