May 29, 2022

ඔක්ටේන් 95 තහනම ගැන කතා!

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා නිකුත් නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් ඔක්ටේන් 95 පෙට්‍රල් ගෙන පසුව ඒවා වැඩි මිලට අලෙවි කිරීම පිලිබද තොරතුරු ලැබීම මත මෙම පියවර ගෙන තිබේ.
 
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් සමස්ථ ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය අවධාරණය කරන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ප්‍රමාණවත් පරිදි පවතින්නේ නම් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලබා ගැනීමට ත්‍රීරෝද රථ රියැදුරන්ට අවශ්‍යතාවයක් නැති බවයි.
 
එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා කියා සිටියේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් පිරවුම්හල්වල හිග අවස්ථාවක ත්‍රිරෝද රථ සදහා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීම අත්හිටවුවහොත් එමගින් ගැටළු ගණනාවක් නිර්මාණය වන බවයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top