May 29, 2022

සපුගස්කන්දට බොර තෙල් ආවේ සයිබීරියාවෙන්; පෙට්‍රල් හැදෙයිදැයි සැකයි

අද (29) නැවත නිෂ්පාදනය ආරම්භ කරනු ලබන සපුගස්කන්ද පිරිපහදුව සදහා අවශ්‍ය බොරතෙල් සොයාගෙන ඇත්තේ සයිබීරියාවෙන් බව මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව රජය ඩුබායි හි සැපයුම්කරුවෙකුගෙන් ස්වෛරී මුදලක් ඇතුළත් නව ගෙවීම් සැලැස්මක් මත මිලියන 75 (රුපියල් බිලියන 27) ක සයිබීරියානු බොරතෙල් තොගයක් ලබාගෙන ඇත.

ඉරාන සහ ඕමාන බොරතෙල්වලින් ක්‍රියා කළ සපුගස්කන්ද පිරිපහදුව සයිබීරියානු බොරතෙල්වලින් ක්‍රියා කළ හැකිදැයි අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් කළ  විමසීමකදී ඔහු පවසා ඇත්තේ නව බොරතෙල් ප්‍රභේදය ඊට ගැළපෙන නමුත් එහි පෙට්‍රෝලියම් නිෂ්පාදන කාර්යක්‍ෂමතාව තහවුරු වන්නේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව බවය.

සපුගස්කන්ද පිරිපහදුව මෙහෙයුම් ආරම්භ කළ පසු දිනකට සයිබීරියානු බොරතෙල් මෙට්‍රික් ටොන් 3,500-4,000ක් භාවිත කිරීමට සැලසුම් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top