ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ යල කන්නය වගා කිරීම අසාර්ථක වුවහොත් සැප්තැම්බර් මාසය වනවිට රට තුළ සහල් හිගයක් ඇතිවිය හැකි බවයි.
දැනට තිබෙන වී සහ සහල් තොග අපට ප්රමාණවත් වන්නේ අගෝස්තු අග නැතිනම් සැප්තැම්බර් මුල දක්වා පමණක් බවද හෙතෙම කියා සිටී.
බත් හැරුණු විට විකල්පයක් ලෙස පාන් පරිභෝජනයට ජනතාව යොමුව සිටින බවද පවසන හෙතෙම කෙසේවුවද මේවන විට ලෝක වෙළඳ පොළේ තිරිගු පිටි මිල ඉතාම වේගයෙන් ඉහල යමින් තිබෙන බවත්, එසේම බිත්තර කුකුළු මස් හා එළවළු මිලද ඉහල යාම හේතුවෙන් රට තුළ විකල්ප ආහාරවල හිඟයක්ද මතුවිය හැකි බවට ඔහු අනතුරු අඟවයි.
ඉන්දියාව වැනි රටවල් තිරිගු පිටි අපනයනය නතර කිරීමට ප්රතිපත්තිමය තීන්දු ගෙන ඇතැයි ද, එසෙම තිරිගු පිටි නිපදවන ප්රධාන රාජ්යක් වන යුක්රේනය රුසියාව සමඟ යුද වැදීම නිසා එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන ලෝක බැංකුව පවා ලෝක ආහාර හිඟයක් පැමිණිය හැකි බවට අනතුරු අඟවා ඇතැයි ද එසේ පැමිණියහොත් ලංකාවේ මේ තත්ත්වය තවත් තීවුරු වනු ඇතැයි අරුණ කුමාර මහතා කියා සිටී.