May 29, 2022

ඕස්ට්‍රේලියාව දවල් මැච් ගහන්න බෑ කියයි!

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබන මස මුල ආරම්භ වන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ යෝජනාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව  අතර එළඹෙන ජූනි මස 7 වැනිදා ආරම්භ වන තරගාවලියට විස්සයි 20 තරග තුනකින් සහ එක්දින තරග පහක් ඇතුළත් වන අතර එහි විස්සයි 20 තරග රාත්‍රී කාලයේ ද, එක්දින තරග දිවා රාත්‍රී තරග ලෙස ද පැවැත් වේ.

එම තරගාවලියේ රාත්‍රී තරඟ සඳහා විදුලිය ලබාදීමට ඩීසල්වලින් ක්‍රියාත්මක වන විශාල ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර පාවිචිචි කිරීමට සිදුව තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top