Jun 17, 2022

විදෙස් මුදල් ළඟ තබා ගත් 4කට වැඩ වරදී

රුපියල් එක්කෝටි අසූහය ලක්ෂ අනූපන්දහසක මුදලක් හා රුපියල් ලක්‍ෂ හතරකට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය පිටකොටුවේදී පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදු කර ඇත්තේ, ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලවත්ත, කොළඹ 15, අලුත්කඩේ සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25, 31, 41, 51 යන වයස්වල පසුවන පුද්ගලයන් සිව් දෙනෙකි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

මෙම වැටලීමේදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් භාණ්ඩ,

1. ශ්‍රි ලංකා වලංගු මුදලින් රුපියල් 18,695,000.00 යි.
2. විදෙස් මුදල් රුපියල් 432,502 යි.
(ඉන්දියන් රුපියල් 10 නෝට්ටු 16 යි.
ඉන්දියන් රුපියල් 20 නොට්ටු 06 යි.
කුවේට් ඩිනාර් 01 නොට්ටු 07 යි.
කටාර් රියාල් 100 නෝට්ටු 01 යි.
සිංගප්පූරු ඩොලර් 50 නෝට්ටු 01 යි.
ඇමරිකන් ඩොලර් 100 නෝට්ටු 09 යි.
යුරෝ 200 නෝට්ටු 01 යි.)
3. ජංගම දුරකථන 04 යි.
4. ගනුදෙනු සටහන්කල ලේඛන 02 යි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top