Jun 17, 2022

විමල්ට අධි චෝදනා

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් අධි චෝදනා භාරදී තිබේ.

ඒ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල 2010 සහ 2015 අතර කාලසීමාවේදී වැටුපෙන් හා වත්කමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 ක දේපල හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවට අදාළවය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබීය. තමන් අදාළ චෝදනා සඳහා නිවැරදිකරු බවයි එහිදී විත්තිකාර විමල් වීරවංශ මහතා කියාසිටියේය.

ඒ අනුව නඩුව වැඩිදුර විභාගය ලබන 28 වැනිදා දක්වා කල් තැබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top