Jun 17, 2022

ඇවෙන්රා හෝටලයේ කොල්ලයට 05ක් අත්අඩංගුවට

පසුගිය මැයි 9 වැනිදා සිදුවූ කලහකාරී තත්ත්වය අතරතුර මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයට කඩා වැදී එහි දේපල සොරා ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව රබර්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන තිදෙනෙකි.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස එම හෝටලයෙන් සොරාගත් රන් භාණ්ඩ මීගමුව සහ කුලියාපිටිය ප්‍රදේශවල රන් භාණ්ඩ අලෙවි සැල් දෙකක් වෙත ලබා දී ඇති බව වැඩිදුර ප්‍රශ්නකිරීම්වළදී ප්‍රකාශ කර තිබේ.

පසුව පොලීසිය විසින් එම රන් භාණ්ඩ අලෙවි සැල්වල හිමිකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.එසේම මෙලෙස සොරකම් කර ඔවුන් වෙත ලබා දී තිබූ පවුම් 48ක පමණ රත්‍රන් ද උණු කර තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top