Jun 18, 2022

පේරාදෙණිය සරසවිය වැසෙයි

රට තුළ පවතින අසීරුතා සහ දුෂ්කරතා හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලූම අධ්‍යයන වැඩසටහන් සහ විභාග තාවකාලිකව අත්හිටුවන බව එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

නේවාසිකාගාර ද මේ යටතේ වසා දැමෙනු ඇති අතර, මේ හේතුවෙන් නේවාසිකාගාරවල රැඳී සිටින සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වහාම නේවාසිකාගාරවලින් පිටත්ව නිවෙස් බලා යන ලෙස විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා උපදෙස් දී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top