Jun 18, 2022

අතුරුගිරිය තෙල් පෝලිම උණුසුම් වෙයි ; 9ක් අත්අඩංගුවට (වීඩියෝ)

ඉන්ධන ලබා ගැනීම සඳහා අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි ජනතාව හා පොලිසිය අතර ඊයේ (17) රාත්‍රී කළහකාරී තත්ත්වයක් හටගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පිරවුම්හලේ ඉන්ධන තොග අවසන් බව පැවසීමත් සමග ජනතාව අතර සිටි පිරිසක් පිරවුම්හලේ ආරක්ෂිත වැට කඩා ඇතුළු වී එහි සිටි පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බවයි.

ඉන් පසු පිරිස පාලනය සඳහා පොලිසිය ක්‍රියා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එහිදී සිදු කළ පහරදීම්වලින් පොලිස් නිලධාරීන් 6 දෙනකු තුවල ලබා ඇති අතර, සිද්ධියට සම්බන්ධ 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

(වීඩියෝ : නිවුස්ෆස්ට්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top