File Photo File Photo
Jun 18, 2022

කැළණි ගඟට දැමූ දරුවාගේ යැයි සැක මළ සිරුරක් වයික්කාල වෙරළට

පසුගියදා මව විසින් කැළණිය කදිරාන පාලමෙන් ගගට දැමූ පස් හැවිරිදි දරුවාගේ බවට සැක කෙරෙන මළ සිරුරක් වෙන්නප්පුව වයික්කාල වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන තිබේ.

එම සිරුර පසුගිය 15 වැනිදා රාත්‍රියේ මව විසින් ගගට දැමූ දරුවාගේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

මෘත ශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) පැවැත්වීමට නියමිත අතර වෙන්නප්පුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

දරුවා ගගට දැමීමේ සිද්ධියෙන් පසුව සියදිවි නසා ගැනීමට අදාළ කාන්තාව තැත් කළ ද ප්‍රදේශවාසීන් විසින් ඇය බේරාගෙන පොලිසියට භාර දී තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top