Jun 18, 2022

නැගෙනහිර පර්යන්තය අදානිට දෙන්නෙ නෑ - වරාය ඇමති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය ප්‍ර කෝටිපති ව්‍යාපාරක ගෞතම් අදානිට ලබාදිමේ සූදානමක ඇති බවට වරාය වෘත්තිය සමිති කිහිපයක් මාධ්‍ය හමුවක් කැඳවමින් කළ ප්‍රකාශය අසත්‍ය බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද මහතා සඳහන් කරයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන බව ‍මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් එම ජැටිය සඳහා අවශ්‍ය දොඹකර නිශ්පාදනය කිරීම වෙනුවෙන් චීන සමාගමකට ගෙවිය යුතු ඩොලර් මිලියන 39ක ගෙවීමක් ප්‍රමාද වී ඇති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top