රැකියාවක් සොයා ගැනීමට ඉතාම ලෙහෙසි විදේශ රාජ්‍ය එමිරේට්ස් රාජ්‍ය බව උපකල්පනය කරන තරුණ තරුණියෝ රැල්ලට මෙන් එමීර් රාජ්‍යට යමින් සිටින බව පැවසේ.
එසේ පැමිණි විශාල පිරිසක් මාස ගණනාවක් තිස්සේ රැකියා සොයා ගැනීමට නොමැතිව සිගමන් යදින තත්ත්වයට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
එක්සත් අරාබි එමීරයේ අබුඩාබි, ඩුබායි, සජා, රසල් අයි කයිමා, අජ්මාන්, පුජේරා ඇතුළු නගර රැසකට පැමිණ රැකියා සොයන්නන් රැකියා සොයා ගැනීමට නොහැකිව අන්ත අසරණ භාවයට පත්ව ඇතැයි පැවසේ.
ව්‍යාජ රැකියා ඒජන්සිකරුවන් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් අයකර සංචාරක වීසා ඔස්සේ තරුණ තරුණියන් එක්සත් අරාබියේ විවිධ ප්‍රාන්තවලට එවා ඇතත් ඔවුන් රැකියා නොමැතිව මාස ගණනක කලයක් කුසගින්නේ මහමග නන්නත්තාරයේ ඇවිදිමින් සිටින බව වාර්තා වේ.
බොහෝ ව්‍යාජ රැකියා ආයතන මෙම රාජ්‍යයේ විශිෂ්ට ආයතනවල නම් භාවිතා කර ඩිරාම් 4000-5000 (රැපියල් තුන්ලක්ෂ අනූදහස හාරලක්ෂ අනූදහස) අතර වැටුප් ලබාගත හැකි රැකියා ඇබෑර්තු ඇති බව පවසමින් තරුණ තරුණියන් මුළාකර මුදල් අයකර ගෙන ඇති බවද පැවසේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේවන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බවත්, මෙරටින් රැකියා අපේක්ෂාවෙන් එරටට ගිය තරුණ තරුණියෝ ගිනි අව්වේ රැකියා සොයමින් හා එදි නෙදා ජීවත්වීමට යම් මුදලක් සොයා ගැනීමට සිඟමන් යැදීම මේ වනවිට එහි සුලබ දර්ශනයක් වී ඇතැයි වාර්තා වේ.
මූලාශ්‍රය - අරුණ