Jun 27, 2022

තෙල් පොලිම්වලදී කාන්තාවන් 3ක් අතුරුදහන් වෙලා!

ඉන්ධන මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැදී සිටි කාන්තාවන් තිදෙනෙකු අතුරුදහන්වී ඇති බව පොලීසිය කියයි.

පෙට්‍රල් ලබා ගැනීම සඳහා කාන්තාවන් බොහෝ දෙනෙකු දිවා මෙන්ම රාත්‍රී කාලවලත් පුත්තලමේ පෝලිම්වල රැඳී සිටීම මේවන විට සුලබ දසුනක්ව තිබේ.

එසේ පෙට්‍රල් ලබා ගැනීම සදහා පැමිණි බව කියන කාන්තාවන් තිදෙනෙකු මේ ආකාරයට අතුරුදහන්වී ඇති බව පොලීසියට තොරතුරු ලැබී ඇත.

එම කාන්තාවන් පෙට්‍රල් ලබා ගැනීම සඳහා රැගෙන ආ යතුරු පැදි තෙල් පෝලිමේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

තවත් කතක් සැමියා නොමඟ යවලා තරුණයෙක් එක්ක ඉඳලා

මේ අතර, හලාවත ප්‍රාදේශයේ රාත්‍රී කාලයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි කාන්තාවක් වෙනත් තරුණයෙකු සමග පැය කීපයක් ගත කිරීම හේතුවෙන් සැමියාගේ පහර කෑමටද ලක්ව ඇත.

පෝලිමේ සිටි තම සැමියා උපක්‍රමශීලීව නිවසට යවා ඇති කාන්තාව රාත්‍රී කාලයේ පෝලිමේ රැඳී සිට ඇති අතර නිවසට ගිය සැමියා නැවත ඉන්ධන පෝලිමට පැමිණ බලන විට බිරිඳ එම ස්ථානයේ සිට නැත.

පසුව කරන ලද සොයා බැලීමකදී දැන ගන්නට ලැබී ඇත්තේ බිරිඳ ඉන්ධන පෝලිමේ සිටි තරුණයෙකු සමග කිසියම් ස්ථානයක සිටින බවය.

එම ස්ථානයට කඩා පැන ඇති ස්වාමි පුරුෂයා කාන්තාවට පහර දී අනතුරුව ඉන්ධනද ලබා නොගෙන නිවස බලා පිටත්ව ගොස් ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top