Jun 30, 2022

බස් ගාස්තු වෙනස් වෙන්නේ මෙහෙමයි (Update)

අද (ජූනි 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන නව බස් ගාස්තු ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කළේ, අදාළ මිල සංශෝධනය පෞද්ගලික බස් රථ සහ ශ්‍රී ලං.ග.ම බස් රථවලට ද අදාළ වන බව ය.

එම කොමිෂන් සභාව සඳහන් කළේ, අදාළ බස් ගාස්තු සියයට 22කින් ඉහළ දමා ඇති අතර මෙතෙක් පැවති අවම ගාස්තුව වන රු.32ක, රු.40 දක්වා ඉහළ යනු ඇත.

අදාළ මිල ගණන් පහතින් දැක්වේ.

Bus Fare 1 22 06 30

Bus Fare 2 22 06 30

Bus Fare 3 22 06 30

Bus Fare 4 22 06 30

--------- (Update at 06:14 pm June 30, 2022) -----------

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 22%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ බව ජාතික ගමනාගමන මණ්ඩලයේ, අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට අවම බස්ගාස්තුව රු 40ක් වනු ඇත.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මස1 වනදා ට යෙදී ඇති අතර, ඒ අනුව මෙම මිල වැඩිකිරීම සිදුකර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top