මෙම ඉල්ලීම කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය ලබා දෙන දේශපාලන පක්ෂ දහයෙනි.
හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාර්ගයෙන් සිදු කර ඇතැයි වාර්තා වේ.
එම පක්ෂ දහයේ පැවැති සාකච්ඡාවකදී හිටපු ඇමැතිවරයා මෙම ඉල්ලීම යොමු කළ අතර ඊට දැඩි විරෝධය මතු වූ බව පැවසේ.
‘‘මේ අර්බුදයට එයාලත් වග කියන්න ඕනි.’’ පක්ෂ දහයේ මන්ත්‍රීවරුන්ගේ අදහස විය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සිය සමීපතයන්ට ප්‍රකාශ කර ඇත්තේ කඩිනමින් පොදුජන පෙරමුණු ආණ්ඩුවක් බිහි කරන බවත්, බිය නොවී සිටින ලෙසත්ය.
හිටපු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් විය හැකි වන පරිදි පක්ෂය බිම් මට්ටමින් ශක්තිමක් කරන බවයි.
මූලාශ්‍රය - අරුණ