දුම්රිය සාමාන්‍යාධිකාරි ධමිම්ක ජයසුන්දර මහතා පැවසුවේ, දැනට ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින් බස් ගාස්තුවෙන් 40% ක් දක්වා දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව මේ මාසය තුළ ඉහළ යනු ඇති බවයි.
ප්‍රවේශ පත්‍ර ගාස්තුව වැඩි කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය රුපියල් බිලියන 6 කින් පමණ අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, දැනට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව බස් ගාස්තුවට සාපේක්ෂව 20% ක් පමණ වන බවයි.
පවතින ප්‍රවේශපත්‍ර ගාස්තු හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුව දිනකට රුපියල් මිලියන 30 ක පමණ අලාභයක් ලබන බව සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය.
දෛනිකව දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්ධන සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 45 කි.
එහෙත්, දෛනික සමස්ත ආදායම රුපියල් මිලියන 15 කට පමණ ආසන්න වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර පසුගියදා දුම්රිය සේවකයින් පෙර දැනුම්දීමක් නොකර මගීන් අපහසුතාවට පත් වන ආකාරයෙන් වර්ජනයක නිරතවීම පිළිබඳව දෙපාර්තමේන්තු මට්ටමෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ඉන්ධන තොගවලින් දුම්රිය සේවකයින්ට රාජකාරියට වාර්තා කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ තාවකාලික අවසරයක් යටතේ ඉන්ධන ලබා දී ඇති පසුබිමක මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවය.
දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව මේ මාසය තුළ වැඩි කරන බව දුම්රිය සාමානාධිකාරිවරයා පවසයි.
Last modified on Tuesday, 05 July 2022 10:42
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362