Jul 04, 2022

විදුලිය, ඉන්ධණ හා සෞඛ්‍ය අත්‍යාවශ්‍ය කරමින් ජනපතිගෙන් ගැසට් එකක්!

විදුලිය, ඉන්ධන හා සෞඛ්‍ය සේවා අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිශ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම හා ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ඊයේ (03දා) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Gazette Sin 22 07 04

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top