නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ එම ලිපියේ ‘කළු ජූලිය’ ඉස්මතු කරමින් මේ මස 05 සහ 06 යන දෙදින තුළ සිදු විය හැකි යැයි පැවසෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ හෙළිදරව්ව සැලකිල්ලට ගෙන ඇත්තේ බුද්ධි අංශ හරහා ලැබුණු තහවුරු නොකළ තොරතුරු මත පදනම්ව බවයි.
මෙම තොරතුර බුද්ධි අංශ විසින් තහවුරු නොකළ තොරතුරක් වන අතර එම ලිපියේ සඳහන් පරිදි ‘කළු ජූලිය’ ඉස්මතු කරමින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවීමට ඇති ඉඩකඩ පිළිබඳව භුමි තොරතුරු ලැබී නොමැති බවද ආරක්ෂක අමාත්‍යංශය කියා සිටී.
තවද, මෙම ප්‍රහාර ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් සිදු කළ හැකි බවත්, රජය අපකීර්තියට පත් කිරීමට සහ අස්ථාවර කිරීමට නොයෙකුත් රාජ්‍ය විරෝධී කණ්ඩායම් විසින් ප්රචණ්ඩත්වය අවුලුවාලිය හැකි බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
මෙම බුද්ධි තොරතුරු පිළිබඳව ඉදිරි පරීක්ෂණ මේ වනවිට සිදු කරනු ලබන අතර මහජන ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබා දී ඉහළ ආරක්ෂාවක් තහවුරු කිරීමට සියළු පියවර ගෙන ඇති බවද සඳහන් කරයි.
ඒ අනුව, මහජනතාව කලබල නොවී තම එදිනෙදා කටයුතුවල නිරත වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සබැඳි පුවත් :