Jul 27, 2022

චීනයෙන් තවත් සහල් මෙට්‍රික් ටොන් 1,000ක්

ශ්‍රී ලංකාවට චීන යුවාන් මිලියන 500 ක හදිසි මානුෂීය ආධාර යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් තවත් සහල තොගයක් පසුගිය 24දා මෙරටට ළඟා වී තිබේ.

මෙලෙස රැගෙනවිත් ඇත්තේ මෙට්‍රික් ටොන් 1000ක සහල් තොගයකි.

මේ දක්වා චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් තොග කිහිපයක්ම ලැබී ඇති අතර, එම තොග මෙරට පාසල් සිසුන්ගේ දිවා ආහාර අවශ්‍යතාව වෙනුවෙන් යොදා ගැනීමට නියමිතය. එය ශ්‍රී ලංකාව පුරා පාසල් 7,900 ක සිටින මිලියන 1.1 ක දරුවන්ට අවම වශයෙන් මාස 6 ක කාලයක් ප්‍රමාණවත් වෙයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙරට පිහිටා ඇති චීන තානාපති කාර්යාලය පවසා ඇත්තේ, "හොඳ අසල්වැසියන් සහ මිතුරන් ලෙස, ශ්‍රී ලංකාවට සිය වත්මන් දුෂ්කරතා මඟහරවා ගැනීමට සහ සමාජ හා ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා චීනය විසින් හැකිතාක්,අඛණ්ඩව සහාය දෙනු ඇති," බවයි.

සබැඳි පුවත් :

චීනයෙන් තවත් සහල් තොග 2ක්!

China1

China2

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top