Jul 27, 2022

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය අදින් අවසන්

පාර්ලිමේන්තුව ( නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය) අද (27) රාත්‍රියේ වාර අවසාන කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

හදිසි නීතිය නිවේදනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුව අද රැස්වුණු අතර ඒ පිළිබඳ විවාදයක්ද අද දවස පුරා පැවැත්වේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට පසුගියදා දැනුම් දුන්නේය.

වාර අවසාන කළ පසු පාර්ලිමේන්තුව බොහෝ දුරට ඊළඟ සතියේ සදුදා හෝ අඟහරුවාදා ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරෙනු ඇත.

වාර අවසාන කෙරෙන පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මැතිසබය හමුවේ ඉදිරිපත් කෙරේ.

(ලංකාදීප)

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top