Jul 27, 2022

ජාතික ඉන්ධන බලපත්‍රයට ලක්‍ෂ 40ක් ලියාපදිංචි වෙලා

ජාතික ඉන්ධන බලපත්‍රයට ඊයේ (26) රාත්‍රී වන විට පුද්ගලයන් ලක්‍ෂ 40 ක් ලියාපදිංචි වී සිටි බවත් සිපෙට්කෝ පිරවුම්හල් 299 කදී සහ අයි.ඕ.සී. පිරවුම්හල් 34 කදී පුද්ගලයන් 92,845 කිව්.ආර්. පද්ධතිය භාවිතා කර තිබූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ජාතික ඉන්ධන බලපත්‍රයට ඊයේ රාත්‍රී වන විට යතුරුපැදි 2,364,434 ක් සහ ත්‍රිරෝද රථ 723,022 ක් ලියාපදිංචි වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

FP1

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top