Jul 27, 2022

ගෝඨාභයට තවත් සති 2කට සිංගප්පුරුවේ ඉන්න පුළුවන්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සති දෙකක් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබාදීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අගෝස්තු 11 වනදා දක්වා එරට රැඳී සිටීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර ලබා දී ඇති බවය.

පසුගිය ජුලි මස 14 වනදා මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් යානයකින් හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුව වෙත පැමිණ තිබුණි.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක්ද ගොනුකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

ඒ, 2009 වසරේ මෙරට සිවිල් යුද්ධය අතරතුරදී ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ චෝදනා කරමිනි.

මෙරට පැවති සිවිල් යුද සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ ආකාරය මුල් කරගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්, දකුණු අප්‍රිකාව පදනම් කරගත් සංවිධානයක ක්‍රියාකාරීන් පිරිසක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත එම අපරාධ පැමිණිල්ලක් ගොනුකර ඇති බව රොයිටස් පුවත් සේවය පවසයි.

පැමිණිල්ල ඉදිරිපත් කළ "ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතිය" නමැති කණ්ඩායම පවසන්නේ 2009 වර්ෂයේ පැවති යුද්ධය අතරතුරදී, එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජිනීවා සම්මුතීන් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවය.

(අදදෙරණ)

සබැඳි පුවත්

ගෝඨාභය සැඟවී නෑ - බන්දුල

ගෝඨාට සිංගප්පූරුවෙන් යන්න වෙයි!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top