Jul 27, 2022

මහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දිගු වෙයි

අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම තහනම් කරමින් මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට පණවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන 02 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවත දීර්ඝ කර තිබේ.

මෙම නියෝගය ලබා දුන්නේ,අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පාර්ශවකරුවන් කිහිපයක් විසින්ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top