Jul 27, 2022

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හෙට ඇරඹේ

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හම්හිදී හෙට (28) ආරම්භ වේ.

22 වැනි වරට මෙවර පැවැත්වෙන ක්‍රීඩා උළෙලට රටවල් 72කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110ක් ඊට එක් වන අතර මලල ක්‍රීඩා, බර ඉසිලීම, කාන්තා ක්‍රිකට්, රග්බි, බැඩ්මින්ටන්, ජිම්නාස්ටික් සහ පිහිනුම් යන ක්‍රීඩා ද ඊට ඇතුළත් වේ.

මේ වනවිට ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගණ කිහිපයක තරඟ පැවැත්වෙන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සත්කාරක එංගලන්තයට පැමිණෙමින් සිටි.

ඒ අතර බර්මින්හම් විශ්වවිද්‍යාලය සහ තවත් හෝටල් කිහිපයක් ක්‍රීඩා ගම්මානයට එක් කර තිබේ.

එංගලන්තය, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දරන තුන්වැනි අවස්ථාව මෙයයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top