Jul 27, 2022

සුඛෝපභෝගී මෝටර් රථය ගිනි රකුසාට බිලි (ඡායා)

වත්තල සිට කතරගම පැමිණෙමින් සුඛෝපභෝගී මෝටර් රථයක් තම්මැන්නාව මැණික් වල සීමාව හංදීයේදී හදිසියේ ගිණිගෙන විනාශවී ඇතැයි කතරගම පොලීසිය කියයි.

මෙම මෝටර් රථය රුපියල් ලක්ෂ 210 ක් පමණ වටිනාකමක් ඇතැයි රියදුරා පොලීසියට පවසා ඇත.

වත්තල, එඩෙරමුල්ල, දුම්රිය පොල පදිංචි පුද්ගලයකු සිය මිතුරකු ද සමගින් අධිවේගී මාර්ගය ඔස්සේ මත්තල ලුණුගම්වෙහෙර හරහා කතරගම බලා පැමිණෙමින් සිටියදී රාත්‍රී 11ට පමණ මෝටර් රථයේ දකුණු දෙසින් දුමක් මතුවී ගිනි ගත් බවත්, මෝටර් රථය නතර කොට මිතුරාත් සමඟ එලියට පැන ගත් බවත්, ඔවුන් දෙදෙනාට කිසිදු අනතුරක් නොවූ බවත් කතරගම පොලිසියට ප්‍රකාශ කොට ඇත.

(ඡායා - Accident 1st)

CarF3

CarF2

CarF1

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top