Jul 27, 2022

ඇමරිකා තානාපතිනිය ජනපති හමු වෙයි

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අද (27) පෙරවරුවේ හමු විය.

ඒ ජනාධිපති කාර්යාලයේ දී ය.

එහිදී ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පිරිනැමු තානාපතිනිය එතුමා සමඟ සුහද කථා බහක නිරත විය.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවට ද තානාපතිනිය සහතික වූවාය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top