Jul 27, 2022

හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මතයි

රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන ජනාධිපතිවරයාව සිටියදී පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනා සම්මතය අද (27) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 57 කින් සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 63 ක් හිමි විය.

මහජන ආරක්ෂක ආඥා පනත අනුව මෙම ප්‍රකාශනය දින 14 ක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් අනුමත කළ හොත් මාසයක කාලයක් සදහා වලංගු වේ. දින 14 ක් ඇතුළත එම ප්‍රකාශනය සදහා පාර්ලිමේන්තුවේ අනුමතිය නොලැබුණ හොත් එය අවලංගු වේ. එසේම සෑම දින 30 කටම වරක් හදිසි අවස්ථා තත්ත්වය පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව දීර්ඝ කළ හැකිය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top