Jul 27, 2022

ධනීස් අලි 5දා දක්වා රිමාන්ඩ්

ඊයේ (26) දින ඩුබායි බලා පිටත්වීමට නියමිතව සිටියදී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබූ ධනීස් අලි නමැත්තා ලබන 05 දා දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 04 දෙනාද අගෝස්තු 10 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද දිනයේදී නියෝග කර තිබුණි.

සබැඳි පුවත් :

රූපවාහිනියට බලෙන් ගිය ධනීස් අලී අත්අඩංගුවට (වීඩියෝ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top