Jul 27, 2022

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ලංකාව, චීනය හා සාකච්ඡා ඇරඹිය යුතුයි - IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) මූල්‍යාධාර ලබාගැනීමට උත්සහ කරන අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා චීනය සමග සාකච්ඡා ඇරඹිය යුතු බව IMF ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක - ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ රොයිටර් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවයකදීය.

ලොව දෙවැනි වශාලතම ආර්ථිකය හිමි චීනය විසින් ගුවන්තොටුපොලක්, වරායක් හා අධිවේගී මාර්ග ඇතුළු ව්‍යාපෘති රැසක් මෙරට සිදුකර ඇති අතර, 'චීන ණය උගුල' පිළිබඳව විවිධ මත පැතිර තිබුණද, ශ්‍රී ලංකාවේ සමස්ථ බාහිර ණය වලින් චීනයට ගෙවීමට ඇත්තේ 10%ක පමණ ප්‍රතිශතයකි.

සබැඳි පුවත් :

ADB - WB වෙතින් ඩොලර් බිලියන 4ක්; චීනය ණය උගුලක හසුකර නෑ  (වීඩියෝ)

ලංකාවේ කඩාවැටීමට හේතුව ගැන CIA ලොක්කා කියයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top