Aug 08, 2022

සජබ කැස්බෑව සංවිධායකට ඇප

පිළියන්දල පොලිස් වසම තුළ දී ඉකුත් මැයි නම වෙනි දින කලහාකාරී සිද්ධීන් 6කට අදාළව අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගය කැස්බෑව ආසන සංවිධායක වරයා අද (8දා) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප හයක් මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ මහතා නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරියේ සමගි ජන බලවේගය කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල් මහතායි.

ඉකුත් මැයි නම වෙනි දින  කැස්බෑව නගරාධිපති  ලක්ෂ්මන් පෙරේරා මහතාගේ නිවසට  පහරදී අලහාභානි කර ගිනි තැබීම,ඔහුගේ ඥාති සහෝදරියගේ නිවසට අලාභ හානි කර ගිනි තබා විනාශ කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ සහෝදරයා වන බුද්ධදාස ලොකුගේ මහතාගේ  නිවසට අලාභානි කර ගිනි තබා විනාශ කිරීම, කැස්බෑව නාගරික මන්ත්‍රී  ෂර්ලි ජාඇලගේ මහතාගේ නිවසට පහර දී අලාභානි කිරීම, පිළියන්දලදී සහ ජාලියගොඩ බස්රථ 2 කට  පහරදී අලාභානි කිරීම යන චෝදනා හයක් ගොනුකරමින් නඩු හයක් යටතේ පිලියන්දල පොලිසිය මගින් සැකකාර සංවිධායකවරයා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. 

එක් එක් චෝදනාවට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප නියම කරමින්  මහේස්ත්‍රාත්වරයා නියෝගය ලබා දුන්නේය. 

සංවිධායකවරයා වෙනුවෙන් නීතිඥ සුගත් වික්‍රමරත්න මහතා පෙනී සිටියේය.

පිලියන්දල පොලිසිය මගින් පැමිණිල්ල අධිකරණයට වෙත ඉදිරිපත් කළේය.

(අද)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top