Aug 08, 2022

සියළු දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක් Featured

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ සංශෝධන ඉදිරිපත් කිරීම සදහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් ලබා දී තිඛෙන නිර්දේශවලින් බහුතරයක් ක්‍රියාත්මක කිරීම සදහා සියළු දේශපාලන පක්ෂ පොදු එකගතාවයකට පැමිණ තිබේ.

ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල ලේකම්වරු හා මැතිවරණ කොමිසමේ නියෝජිතයන් අතර අද (08) පැවති සාකච්ඡාවකදීය.

ඉදිරියේදි පැවැත්වීමට නියමිත පළමු මැතිවරණය සදහා ඡන්ද විමසීමට පූර්වයෙන් එහි නිර්දේශ අතරින් සම්මත කර ක්‍රියාත්මක කිරීමටද මෙහිදි එකගතාවය පළව ඇත.

මැතිවරණ වියදම් පාලනය / පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිම හා ඡන්ද විමසීම් දිනයේ විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම / මහජන නියෝජන ආයතනවල කාන්තා නයෝජනය ශක්තිමත් කිරීම ඒ අතර වේ.

ඡන්ද විමසීම් කාලසීමාව තුල සියලු මාධ්‍ය සදහා මාධ්‍ය උපමාන බලාත්මක කිරීමද ඒ අතර වන එක් නිර්දේශයක් වන අතර,  මහජන නියෝජිත ආයතනවල සභික ධුර කාලය අවසන් වන තුරු මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ආචාර ඒම වලංගුව පැවතීම හා එයට නීතිමය බලයක් ලබාදීම ඒ අතර වේ.

(නිවුස්රේඩියෝ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top