Aug 09, 2022

ශ්‍රීලංකන් රක්ෂණාවරණ කොන්ත්‍රාත්තුව, ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට Featured

ශ්‍රීලංකන් සඳහා ගුවන්සේවයේ රක්ෂණ ආවරණ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ශ්‍රීලංකන් ගුවන්සේවය විසින් සිය ගුවන් යානා සඳහා කාණ්ඩ 04ක් යටතේ රක්ෂණ සේවා ලබාගැනීම සිදුකරනු ලබන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සාමාන්‍ය රක්ෂණ සමාගම් වෙතින් සීමිත ජාතික තරගකාරී ලංසු කැඳවා ඇත.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාල කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රක්ෂණ සමාගම වෙත ප්‍රදානය කිරීමට පිණිස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවකට ඊයේ (08) දිනයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top