Aug 13, 2022

ඛනිජ තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (12) දිනයේ දී ගැසට් කර තිබේ.

එම සංශෝධිත පනත් කෙටුම්පත මඟින් දැක්වෙන්නේ, ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීමට හැකි වන බවයි.

ඒ අනුව, ඛනිජ තෙල් ආනයනය සඳහා විධිමත් පරිදි හඳුනාගනු ලබන පාර්ශවයන්ට බලපත්‍රයක් ලබාදීමට හැකි වේ.

මෙම සංශෝධන පනත් කෙටුම්පතට පසුගිය අප්‍රේල් මස 25 වෙනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබුණි.

ඒ අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කර ඇති අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ද නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top