Aug 13, 2022

රන්ජන් නිදහසට අදාළ ලිපිවලට අත්සන් තබයි!

ජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (13) අත්සන් තබා තිබේ.

ජනාධිපති නීතිඥය දිනේෂ් විදානපතිරණ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පැමිණ අදාල ලියකියවිලි රංජන් රාමනායක මහතා වෙත ඉදිරිපත් කළ බව අනාවරණ වාර්තා වේ.

රංජන් රාමනායක මහතාගේ සහෝදරයෙකු වන දිනේෂ් අසරප්පා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සමාජ මාධ්‍යයේ රන්ජන්ට නිදහස ලැබුණු බවට පලව තිබුණද අද සිදුවූයේ ඔහුගේ නිදහසට අදාළ ලියකිවිලි කිහිපයක් සඳහා අත්සන් තැබීම බවයි.

රන්ජන් මහතා නඩුවේදී කියා තිබූ පරිදි ඔහුගේ ප්‍රකාශයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ කිසියම් අයකුගේ සිත රිදී ඇත්නම් ඔහු එයට සමාව ඉල්ලා සිටින බව අදාළ ලිපිවල දැක්වෙන්නේ යැයි ඔහු කියා සිටී.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top