Aug 13, 2022

පිටරටින් එන ආදායම 50%කින් බැහැලා!

පසුගිය වසර හා සාපේක්ෂව සැසඳීමේදී මේ වසරේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 50% කින් අඩු වී ඇතැයි මහ බැංකුව කියයි.

මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා විදේශ රැකියාවල නියුක්තිකයන්ගෙන් ලැබුණු විදේශ ප්‍රේෂණවල එකතුව ඇමරිකානු ඩොලර් මිලියන 1,889.4 ක් බවද පැවසේ.

එමෙන්ම ජූලි මාසයේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 279.5 ක් වී ඇත.

ඒ අනුව පසුගිය වසරේ එම කාලසීමාව හා සැසඳීමේදී මේ වසරේදී මෙරටට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 50%කින් අඩුවී ඇති බව මහ බැංකුව සඳහන් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top