Aug 13, 2022

තෙල් බෙදන්න රට කොම්පැනි ගේන්න දාපු කමිටු ලක්ෂ 10ක තේ බීලා Featured

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කමිටු පහක සාමාජිකයන් පසුගිය මාසයක කාලයේදී ‘තේ පානය සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැයකර ඇතැයි වාර්තා වේ.

සංස්ථාව විසින් මෙම කමිටු පත් කර ඇත්තේ විදේශීය සමාගම්වලට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අලෙවි කිරීමේ හැකියාව සොයා බැලීම සඳහාය.

ඒ අනුව මුදල්, වෙළෙඳ හා අලෙවි පාලන ආදී අංශවල පත් කර ඇති අදාළ අංශවල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් පස් දෙනෙක් යටතේ සාමාජිකයන් 5ත් 6ත් අතර ප්‍රමාණයක් සාමාජිකයන් පත් කර ඇත.

පසුගිය මාසයේ සැලකියුතු දින ගණනක් පස්වරු 02න් පසුව මෙම කමිටු සාමාජිකයන් රැස්වී ඇති අතර ඔවුන්ට සාකච්ඡා අතරතුර තේ පානය සඳහා පහසුකම් සපයාගෙන ඇත්තේ හෝටල් කිහිපයකිනි.

අදාළ ලක්ෂ දහයකට ආසන්න මුදල වැයවී ඇත්තේ එම හෝටල්වලින් කමිටු සාමාජිකයන්ට සපයා ඇති තේ සහ සැහැල්ලු ආහාර ද්‍රව්‍ය වෙනුවෙනි.

පසුගිය මාසය හේතුවෙන් සකස් කළ මෙම ‘තේ බිල’ මේ වනවිට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) වෙත අනුමැතිය සඳහා යොමු කර ඇත.

මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැනගැනීම සඳහා ඛනිජතෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) වරුණ වීරසූරිය සම්බන්ධ කර ගැනීමට ‘අරුණ’ උත්සාහ කළද එම උත්සාහය ව්‍යාර්ථ විය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top