Aug 14, 2022

ඇමති සිරිපාලව අල්ලස් කොමිසමට කැඳවන්න යයි!

ජපානයේ, “තයිසේ” සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ  විමර්ශන කොමිසම විසින් ද පරීක්ෂණයක් පැවැත්වීමට තීන්දු කර ඇතැයි වාර්තා වේ.

ඒ, දූෂණ විරෝධී පෙරමුණ විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව බව පැවසේ.

එම පැමිණිල්ල විභාග කිරීමට කොමිසම තීරණය කිරීමෙන් පසු මූලික ප්‍රකාශ සටහන් කර ගැනීම ඉදිරි සතියේදී ආරම්භ කිරීමට නියමිත බවද පැවසේ. 

මෙම සිද්ධිය ගැන චෝදනා ලත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද ඉදිරියේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට කැඳවා ප්‍රකාශකයක් සටහන් කර ගැනීමට නියමිත බව කොමිසමේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. 

ඒ සඳහා ජපන් තානාපති කාර්යාලයෙන්ද තයිසේ සමාගමෙන්ද කරුණු විමසීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේවුවද, පසුගිය කාලයේදී ප්‍රසිද්ධ දේශපාලඥයින් රාශියකට අල්ලස් චෝදනා එල්ලවූ අතර ඒවා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පරීක්ෂණද සිදුක කළත් ඒවායින් ඔවුන් කිසිවකු වැරදිකරුවන් නොවීම ද විශේෂිතය.

සබැඳි පුවත් :

නිමල් යළිත් ඇමති ධූරයේ දිවුරුම් දෙයි (Update)

මෛත්‍රී හා නිමල්ගේ රහස් හමුවෙන් අමරවීරටත් පල්ලමක්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top