Aug 14, 2022

ලාංකිකයින් 2ක් රත්‍රං බඩු කොල්ලයකට ඉන්දියාවේදී අත්අඩංගුවට!

රේගු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලාංකික මගියෙකුගේ රන් භාණ්ඩ කොල්ලකෑ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු චෙන්නායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයින් දෙදෙනා තමන් රේගු නිලධාරීන් ලෙස පවසා චෙන්නායි ගුවන්තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී ඇය ප්‍රමාණය ඉක්මවා ස්වර්ණාභරණ රැගෙන යන බවට පවසමින් ඇයගේ මාලය සහ වළලු රැගෙනගොස් ඇත.

ඒ පිළිබඳව සැකසිතූ කාන්තාව රේගුවට පැමිණිලි කිරීමෙන් පසුව අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top