Aug 14, 2022

හොරාට ඇද්ද කරන්ට් වයර්එක ඇතයි, අලි දෙන්නකුයි පරලොව යවයි!

අනවසර විදුලි රැහැනක පැටලුණු ඇතෙකු සහ වන අලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී ඊයේ (14)  සොයා ගත් බව අනුරාධපුර වන ජීවී කාර්යාලය පවසයි.

මිහින්තලේ ඉහලගම පුදුක්කුලම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලුණු මෙම ඇතා සහ වන අලින් දෙදෙනා විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවී අංශ නිලධාරීහු පවසති.

පෙරේරා (13) රාත්‍රියේ මෙම ගම්මානයට විශාල ප්‍රමාණයේ අලි රංචුවක් කඩා වැදී ඇති බවත්, එම අවස්ථාවේදී මෙම ඇතා සහ අලින් දෙදෙනා විදුලි රැහැන් වල වැදී ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

උදෑසන එම ප්‍රදේශය හරහා ගවයන් බැලීම සඳහා ගිය පුද්ගලයෙකු දැක ඒ සම්බන්ධයෙන් වනජීවී අංශ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනවසර විදුලි රැහැන් ඇද තිබූ ඉඩම් හිමියා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බවද වනජීවි අංශය සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top