Aug 14, 2022

චිත්‍රපට සංස්ථාව අහෝසි කර නියාමන කොමිසමක් ගේන්න හදයි!

දැනට ක්‍රියාත්මක වන චිත්‍රපට සංස්ථාවෙන් අපේක්ෂිත අරමුණු ඉටුනොවන නිසා සංස්ථාව වෙනුවට ඉදිරියේදී ජාතික චිත්‍රපට නියාමන කොමිසමක් පිහිටුවන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

ජාතික සිනමා ප්‍රතිපත්ති සම්පාදන කමිටුව විසින් කරන ලද නිර්දේශයක් අනුව මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

චිත්‍රපට නිෂ්පාදනය ආනයනය, ප්‍රදර්ශනය සහ බෙදාහැරීම යන කටයුතු චිත්‍රපට නියාමන කොමිසමට පැවරෙන ප්‍රධාන වගකීම් වනු ඇති බවද අමාත්‍ය ගුණවර්ධන අවධාරණය කර තිබේ.

ගුණවර්ධන මහතා ද චිත්‍රපට නිෂ්පාදකයකු වන අතර ද නිවුස් පේපර් චිත්‍රපටය ඔහුගේ නිෂ්පාදනයකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top