Sep 17, 2022

මුදල් අමාත්‍යංශයේ ආයතන ත්‍රිත්වයක් දිලුම් යටතට! Featured

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පැවති ආයතන කිහිපයක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ වරාය නගර කොමිසම එලෙස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට එක්කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය මෙතනින්.

ආයෝජන ප්‍රවර්ධනය සඳහා අමාත්‍යවරයෙකු මේ දක්වා පත්කර නොතිබුණු බැවින් එම අමාත්‍යාංශය තවදුරටත් ජනාධිපතිවරයා යටතේ පවතියි.

කෙසේවෙතත්, දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා බ්‍රිතාන්‍යය බලා පිටවයෑම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් රංජිත් සියඹලාපිටිය මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙසත්, දිලුම් අමුණුගම මහතා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top