Sep 23, 2022

විද්‍යුත් මාධ්‍ය වලට විකාශන නීතියක් ගෙන ඒමට අනුකමිටුවක්

නව විකාශන නීතියක් හඳුන්වා දීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ සභාපතිත්වය යටතේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

භාෂණයේ හා ප්‍රකාශනයේ උපරිම නිදහස ආරක්ෂා කරමින් තාක්ෂණික මෙන්ම නෛතික ක්ෂේත්‍රයන් හි දැනට සිදුවෙමින් පවතින වෙනස්කම් ද සැලකිල්ලට ගනිමින්, මහජනතාවට වග වන මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට හැකි වන අයුරින් නව විකාශන නීතියක් හඳුන්වාදීම පිණිස ජනමාධ්‍ය ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top