Sep 23, 2022

කොවිඩ් නිසා වැසුනු ජපානය යළි අරියි!

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට වැඩි කාලයක් පුරාවට දේශසීමා වසා දැමූ ජපානය, යළිත් සිය දොරටු විදේශකයන් ට විවෘත කිරීමට නියමිතය.

ඔක්තෝබර් 11 සිට යළිත් වීසා බලපත්‍ර නොමැතිව ජපානයට යාමට සංචාරකයන් ට හැකි වනු ඇති අතර, ඔවුන්ට සංචාරක ඒජන්සියක් හරහා ගමන් කිරීමටද අවශ්‍ය නොවනු ඇත.

කෙසේවෙතත්, ජපානයට ඇතුලු වීමට කොවිඩ් එන්නත් 3ක් හා සෘණ කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵලයක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට සිදුවනු ඇත.

මාස හයක කාලයක් තුළදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ජපන් යෙන් මන්දගාමීම ස්ථානයට වැටී ඇති අතර, මෙලෙස පැමිණෙන සංචාරකයන් එරට රජයේ හා දේශීය ව්‍යාපාර වල දියුණුවට රුකුලක් වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top